බිමල් ශ්‍යාමන් ජයසිංහ
මොරොන්තුඩුව කෝපියාවත්ත ප්‍රදේශයේ තරුණ පිරිසකට සාදයක් පැවැත්වීම සදහා සංගීත උපකරණ සැපයූ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අද (26) පානදුර අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ති සිල්වා මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කලාය.
මොරොන්තුඩුවේ පදිංචි එම සැකකරුවන් දෙදෙනා ඇතුළු ඔවුන්ගේ පවුල් දෙකේ සාමාජිකයන් දින 21 කාලයක් නිරෝධනය සදහා යොමු කරන ලෙසද මහේස්ත්‍රාත් වරිය වැඩි දුරටත් නියෝග කලාය.
තරුණ පිරිසක් කෝපියාවත්ත ප්‍රදේශයේ මාර්ගයේ අධික ශබ්දයෙන් යුත් බෆල් යොදාගෙන සෞඛ්‍ය උපදෙස් නොතකමින් නර්තනයේ යෙදෙන බව පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව ඊයේ රාත්‍රියේ වැටලීම කළ බව පොලිසිය අධිකරණයට දැන්වීය.
මෙම ස්ථානය වටලන අවස්ථාවේදී පලා ගිය සෙසු සැකකරුවන් පිරිස වීඩියෝ දර්ශන ඔස්සේ අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය අධිකරණයට වැඩි දුරටත් දැන්වීය .
මොරොන්තුඩුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැලුම් සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්විණි .
සාදයක් පැවැත්වීමට සංගීත උපකරණ දුන් දෙදෙනාට ඇප
Recommended Articles